රිලෑක්ස් එකට අතුරුදන්වුනාලු…
කිලිනොච්චියේ පසුගිය සතියේ අතුරුදන්වූ බව කියන ව්‍යාරිකයා ඊයේ සඳුදා දින කිලිනොච්චිය පොලිස් ස්ථානයේ භාරවී තිබේ. එහිදී තමන් සිත නිදහස් කර ගැනීමට අතුරුදන්වූ බවට පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ..
කිලිනොච්චියේ ව්‍යාපාරික කටයුතුවල නිරතවන කොම්මන්තුරයි ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණසාමි රදීසන් (35) නැමැත්තා පසුගිය 12.02.2016 දින සිට අතුරුදන්වී ඇති බවට ඥාතීන් විසින් කිලිනොච්චිය පොලිස් ස්ථානය, සහ මානව හිමිකම් කොමිසමට පැමිණිළි කිරීමත් සමඟ කිලිනොච්චිය පොලිසිය විමර්ශණ කටයුතු ආරම්භ කර තිබුණි. ඇතමුන් ඔහුව පැහැරගෙන ගොස් ඇති බවටත් තමත් පිරිසක් ඔහු ගත් ණය ගෙවා ගැනීමට නොහැකි හෙයින් පලා ගොස් ඇති බවට පොලිසියට ලබාදුන් තොරතුරුවලට අනුව පොලිසිය විමර්ශණ කටයුතු ක්‍රියාත්මක කර තිබුණි.
මෙවැනි තත්වයක ඊයේ සඳුදා දින දහවල් අදාළ ව්‍යාපාරිකයා කිලිනොච්චිය පොලිස් ස්ථානයට භාරවී තිබේ. එහිදී පොලිසිය කළ ප්‍රශ්ණ කිරීම්වලදී, තමන් අධික වැඩබර නිසා නින්දක් නිදහස් නොමැතිව මානසිකව පීඩාවට පත්ව සිටි හෙයින් කිසිවක් කර කියා ගැනීමට නොහැකිව බස් රථයක නැග වව්නියාව, මඩකළපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට බස් රථයෙන්ම ගමන් කළ බවත්, තම සිත නිදහස්වූ සැණින් කිලිනොච්චියට පැමිණි අතර තමන්ව කිසිවකු
පැහැරගෙන නොගිය බවත්, ණය ලබාදීමට නොහැකිව තමන් පලා නොගිය බවට පවසා තිබේ.
මේ අතර, ඔහු ණය ලබාදීමට නොහැකිව පලා ගියා දැයි කිලිනොච්චිය පොලිසියෙන් විමසූ විට ඔහු තමන්ට ණය මුදල් ලබාදීමට තිබෙන බවට මෙතෙක් කිසිවකු පැමිණිළි කර නොැති බව පොලීසිය සඳහන් කළේය.
– Global Tamil News : Sinhala