තෙල් සේවකයින්ගේ වර්ජනය තව දුරටත්

ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා තිබේ.

ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ගේ වර්ජනය නිසා ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවල දැඩි බලපෑම් එල්ලවූ අතර, මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ. ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැතිකමින් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ද දක්නට ලැබුණි.

ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන නිකුත් කිරීම රාජ්‍ය ආයතනවල රථ වහනවලට පමණක් සීමා කර තිබු බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top