උතුරේ නීතිය හා සාමය බිඳ වැටිලා – මනෝ ගනේෂන්

උතුරේ නීතිය හා සාමය බිඳ වැටී ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. පසුගියදා යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතාගේ ආරක්‍ෂක නිළධාරියා වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධිය තුළින් උතුරේ නීතිය බිඳ වැටී ඇති බව හෙළිවන බව හෙතෙම පවසා තිබේ.

එම ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයා සහ පොලිස් නිලධාරිවරුන් භාරගත යුතු බවත්, අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, එම ප්‍රහාරය සැලසුම් සහගතව සිදුකළ ප්‍රහාරයක් නොවන බව පොලිසිය සඳහන් කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top