සියලු පළාත් සභාවලට අදාල මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට තීරණය කරයි..

සියලු පළාත් සභාවලට අදාල ඡන්ද විමසීම් එක් දිනයක් තුළ පැවැත්වීමට රජය තීරණය කොට ඇත.

මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පළාත් සභා පනතේ ඊට අදාල විධි විධාන සංශෝධනය කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

පසුගිය කාලය තුළ වරින් වර පළාත් සභා ඡන්ද පැවැත්වීම හේතුවෙන් මූල්‍ය, මානව හා අනෙකුත් සම්පත් විශාල වශයෙන් අපතේයාම, මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට අවශ්‍යය රජයේ සේවා සැපයීම ප්‍රමාද වීම, රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා, මැතිවරණ දූෂණ හා දේපල අවභාවිතා වීම වර්ධනය වීම වැනි අගතිකාමී ක්‍රියා රැසක් පැන නැගීම නිසා මෙම පියවර ගතයුතු බව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත්කොට තිබු යෝජනාවේ දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top