ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කරයි..

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ඛණිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ. ඒ අනුව සියළුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

එමෙන්ම වරායන් තුළ නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, භාර දීම හෝ ඉවත් කිරීමට අදාළව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් ඉටු කළ යුතු බවට ද එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top