SRILANKAN NEWS

යුරෝපා සංගමය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් කොටි සංවිධානය ඉවත් කරයි..

යුරෝපා සංගමයේ මහාධිකරණයදී පැවැති අදාළ නඩුවට අනුව අද දින කොටි සංවිධානයට එරෙහි තහනම ඉවත් කර තිබේ. යුද්දය අවසන්වූ පසු, 2009 වසරෙන් පසු කොටි සංවිධානය විසින් ප්‍රහාර එල්ල කළ බවට කිසිඳු සාක්‍ෂියක් ලැබී නොමැති හෙයින් කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බවට අධිකරණය ප්‍රකාශ කර තිබේ.

2001 වසරේදී ඇමරිකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව යුරෝපා සංගමය විසින් සංවිධාන 22ක් තහනම් කළ අතර, 2006 වසරේදී කොටි සංවිධානය ද එම ලැයිස්තුවට ඇතුලත් කළේය.