වර්ජනය අවසන් නැහැ – ජනපති සමඟ සාකච්ඡා – විරෝධතාවේ නිරත වූ සේවකයන් 16ක් අත්අඩංගුවට

ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සිය සේවකයින් 16 දෙනා නිදහස් කරන තුරු අත්‍යවශ්‍ය සේවා සදහා ඉන්ධන සැපයීමේ කටයුතුවලින් තමන් ඉවත්ව සිටින බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවන අයුරින් කටයුතු කිරීමේ චෝදනා මත විරෝධතාවයේ නිරත ඛණිජ තෙල් සේවකයින්ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

එමෙන්ම අද(26) පස්වරු 6.30ට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ජනපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් සඳහා තම නියෝජිතයින් 15 දෙනකුට කැඳවීම් ලැබී ඇති බවත්, එතෙක් තම වර්ජනය දිගටම පවත්වාගෙන යන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top