ශිරන්ති සහ යෝෂිත හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට සහ පුත් යෝෂිත රාජපක්ෂට හෙට (27) දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තාවේ.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන්ව කැඳවා තිබේ. ශිරාන්ති හා යෝෂිත රාජපක්‍ෂ මෙම ඝාතනයට සම්බන්‍ධ බවත් තජුඩීන් ඝාතනය සඳහා පැහැර ගැනීමට ආ වාහනය රතු කුරුස සංවිධානය විසින් ශිරන්ති රාජපක්ෂට පරිත්‍යාග කළ එකක් බවත් ඒ වන විට වාහනය තිබුනේ ශිරන්ති රාජපක්ෂ භාරයේ බවත් මීට පෙර චෝදලා එල්ලවී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top