මාරවිල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

මාරවිල පොලිස් වසමට අයත් මාරවිල ප්‍රදේශයේ සුවිසල් නිවෙස්වල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබේ.

නිවෙස් දෙකක් යාකර මෙම මත්පැන් නිෂ්පාදනගාරය සකස්කර තිබූ අතර තවත් එක් නිවසක අදාල නීතිවිරෝධී මත්පැන් බෙදා හැරීම සිදුකර ඇති බව වාර්තාවේ. මාරවිල පොලිසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රීයේ අදාල නිවෙස් තුන වැටලීමට ක්‍රියා කළ පොලිසිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, නීතිවිරෝධී මත්පැන් මෙන්ම ඒවා නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා උපකරණ ඇතුලු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top