යාපනය තුන්නාලයි ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකුට පහරදීමක්!

යාපනය, තුන්නාලයි ප්‍රදේශයේදි පොලිස් නිළධාරියෙකුට ඊයේ (26) රාත්‍රියේ තරුණයින් පිරිසක් පහරදීමක් සිදුකොට ඇති බව යාපනය පොලිසිය පවසයි.

උපපොලිස් පරීක්ෂක තින්දුරාජා නැමති මෙම නිලධාරියා නිවාඩු ලබා කොඩිකාමම් පේදුරුතුඩුව මාර්ගයේ යතුරු පැදියකින් නිවසට ගමන් කරමින් සිටියදී, යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිවුදෙනෙකු යතුරුපැදිය අවහිරකොට නවත්වා හිසට පහරදීම සිදුකොට ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරියා චාවකච්චේරිය රෝහලට ඇතුලත් කර ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top