SRILANKAN NEWS

නල්ලූර් වෙඩි ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිළධාරියාගේ දරුවන්ගේ වගකීම මහාධිකරණ විනිසුරු භාර ගනී

යාපනය නල්ලූර් ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගිය තම ආරක්ෂකයා වෙනුවෙන් ඔහුගේ දරුවන් දෙදෙනා රැකබලා ගන්නා බව යාපනේ මහාධිකරණ විනිසුරු එම් ඉලන්චෙලියන් මහතා පවසයි.

මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයා ලෙසින් හේමචන්ද්‍ර මහතා කටයුතු කළ අතර ඔහුට ආරක්ෂාව සපයමින් සිටින විට වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.

හේමචන්ද්‍ර මහතාගේ දරුවන් හමුවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ඔහුට පියා මෙන් ආදරය ලබාදිය නොහැකි වුවත් ආර්ථික වශයෙන් ඔවුන් දෙදෙනා ආරක්ෂා කරන බවයි.