ශිරන්ති රාජපක්‍ෂට අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දෙයි..

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා ඇත. ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ආර්යාවට අද උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි. සිරිලිය සවිය පදනමට රතු කුරුස සංවිධානය මගින් ලබාදී තිබූ ජීප් රථයක් යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top