නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයන් 12ක් අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03 ක්, වල්ලම් යාත්‍රාවක්, තහනම් දැල් 04 ක් සහ පිටත දහන යන්ත්‍ර 04 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වෙඩිතලතිව් ධීවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top