රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

මුන්දලම සහ ගිරිඋල්ල ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මදුරන්කුළිය සින්නපාඩුව මාර්ගයේ කන්දකොඩුවාව සපත්තු පාලම අසලදී ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිඳුවූ අනතුරකින් බරපතල ලෙස තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මේ අතර ගිරිඋල්ල බබ්බලහන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top