උසස් පෙළ සඳහා වූ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ. උසස් පෙළ විභාගය සැප්තැම්බර් 2වනදා දක්වා පැවැත්වේ. එමෙන් විභාගය අවසන් වනදා දක්වා මාසයක කාලයක් උසස් පෙළ උපකාරක පන්ති තහනම් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධාන කිරීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම මෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම ද මේ අනුව තහනම් වනවා. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා හෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කිරීම ද තහනම් බවත්, මෙම නියෝග කඩකරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top