ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේ මිය යයි..

සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී මිය ගොස් ඇති බව වාර්තාවේ.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මිය ගොස් ඇති බවට ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කරයි.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි හතළිස් නව හැවිරිදි අබුබකර් අබ්දුල් වාහිඩ් නැමැත්තා මෙලෙස මිය ගොස් ඇති බවත්, ඔහු සෞදි අරාබියේ ජෙඩා නුවර ස්ථිර පදිංචිකරුවෙකු බවද වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top