රවී කරුණානායක අද බැඳුම්කර කොමිසමට

මහ බැංකුවේ වංචාසහගත බැඳුම්කර නිකුතුව සිදු වූ සමයේ මුදල් ඇමතිව සිටිති වත්මන් විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතා අද (02) දිනයේද බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනයට පත් කළ බැඳුම්කර කොමිසම හමුවට පැමිණ ඇතැයි වාර්තා වේ.

පෙරවරු 9.30ට පමණ එහි පැමිණ ඇති රවී කරුණානායක මහතාගේ සාක්ෂි විමසීම පෙරවරු 10.30ට පමණ ආරම්භ කර තිබේ.

හිටපු මහ බැංකු අධිපතිට ලිපියක් යැවීම, මොනැක් අපාර්ට්මන්ට් හි පදිංචිවීම හා මිලදී ගැනීමට අදාළ කරුණු ඇතුළු අමාත්‍යවරයාට අදාළ සාක්කි විමසීම මේ වනවිට සිදු වෙමින් පවතියි.

රවී කරුණානායක මහතාව මීට පෙර බැඳුම්කර කොමිසම හමුවට කැඳවා තිබුණද විවිධ හේතු දක්වමින් ඔහු ඊට නොපැමිණියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top