මහාමාර්ග ආශ්‍රිතව මාර්ගවල සීසීටිවි කැමරා සවි කිරීමට තීරණයක්

මාර්ග නීති කඩකරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේ දී මහාමාර්ග ආශ්‍රිතව සීසීටිවි කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.

පොලිස් රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා කියා සිටියේ මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය මූලික කරගනිමින් බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව ය.

රථ වාහන බහුල සහ ජනගහනය අධික ලෙස සැරිසරන නගරයක් වන කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝණය කිරීම් ද බහුලව සිදුවේ.

මේ අතර වේග සීමා සම්බන්ධයෙන් දැනට පවත්නා නීති ද තදින් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. ලේසර් වේග සීමා මාපක සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විටත් පොලීසියට ලබා දී ඇති බව කමල් සිල්වා මහතා පැවසුවේය.

එසේම ප්‍රධාන මාර්ග රැසක වේග සීමා පුවරු සවි කිරීම ද මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදුකර අවසන් බව රථ වාහන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top