SRILANKAN NEWS

සාම්පූර්වලට සූර්ය බලාගාරයක්

sampoor-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8aසාම්පූර් හි ඉදිකිරීමට සැලසුම් කළ ගල්අඟුරු තාප විදුලිබලාගාරය ඉදිකිරීමේ කටයුතු අතහැර දැමීමෙන් පසු ඒ වෙනුවට සූර්යබලයෙන් ක්‍රියාකරන විදුලිබලාගාරයක් ඉදිකිරීම කෙරෙහි ඉන්දු ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සාම්පූර් හි ගල් අගුරු මගින් ක්‍රියාකරන විදුලිබලාගාරයක් ඉදිකිරීමට මීට පෙරදී සැලසුම් කර තිබුණි.

කෙසේ වුවද විදුලිය නිෂ්පාදනයට ගල් අඟුරු යොදා ගැනීමෙන් පරිසරයට සිදුවිය හැකි හානි සලකා දෙපාර්ශවය විසින් එය අතහැර දැමීමට පසුගියදා නිල වශයෙන් තීරණය කළේය.

ඒ අනූව ගල්අඟුරු වෙනුවට සූර්යබලයෙන් ක්‍රියාත්මක කළ හැකි විදුලිබලාගාරයක් සාම්පූර් හි ඉදිකිරීම කෙරෙහි දෙරටේම අවධානය මේවන විට යොමුව ඇතැයි අද දෙරණට වාර්තා විය.

සූර්යබලයෙන් ක්‍රියාකළ හැකි විදුලිබලාගාරයකින් පරිසර දූෂණය වැළකීයන අතරම ගල්අඟුරුවලට මෙන් අතිරේකව විශාල වියදමක් දැරීමට ද අවශ්‍ය නොවේ.

ඒ අනූව මෙවැනි බලාගාරයක් සාම්පූර් හි ඉදිකර විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම කෙරෙහි දෙරටේ බලධාරීන් සලකා බලමින් සිටින බව වැඩිදුරටත් වාර්තා විය.

– Global Tamil News : Sinhala