කොප්පායි ප්‍රදේශයේ පොලිසියට පහරදුන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට

කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආයුධ වලින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරි දින කිහිපයේ දී යොමු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඉකුත් 30වනදා කෝපායි, කොන්ඩාවිල් ප්‍රදේශයේ දී සිදු වූ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුව පෙරේදා (01) අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුවන් දෙදෙනු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ලබන 10වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top