MUSLIMS

මුස්ලිම් දේශපාලඥයින් විසින් සිදුකරනු ලබන ඇතැම් කටයුතු නිසා මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවයට පත්වී සිටිනවා

වත්මන් මුස්ලිම් දේශපාලඥයින් විසින් සිදුකරනු ලබන ඇතැම් කටයුතු නිසා රටේ අහිංසක මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බැවින් එවැනි කටයුතු සිදු නොකරන ලෙස එම මුස්ලිම් දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටින බව “දේශහිතෛශී මුස්ලිම් සහෝදරත්වය” සංවිධානය අවධාරණය කර සිටියි. අද (03) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ “දේශහිතෛශී මුස්ලිම් සහෝදරත්වය” සංවිධානයේ ලේකම් මෙහොමඩ් රිස්වි මහතා විසිනි.

සිය අදහස් දක්වමින් මෙහොමඩ් රිස්වි මහතා පවසා සිටියේ තමන් මුස්ලිම් යැයි නාමිකව හදුනාගත් පුද්ගලයින් දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්කරගනිමින් තම පුද්ගලික වුවමනාවන් පමණක් ඉටු කරගනිමින් ඡන්ද කුට්ටිය වැඩි කරගැනීමේ උත්සාහයක නිරතව සිටින බවයි. මෙම තත්ත්වයෙන් රට මුදවා ගෙන සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් අැති කිරීමට “දේශහිතෛශී මුස්ලිම් සහෝදරත්වය” කැපවී කටයුතු කරන අතර රටට අාදාරය කරන සමස්ත ජන වර්ගයාටම අපත් සමග අත්වැල් බැදගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මෙහොමඩ් රිස්වි මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා “දේශහිතෛශී මුස්ලිම් සහෝදරත්වය” සංවිධානයේ සභාපති එස්.එම් රවූෆ් සහ සාමාජික මොහොමඩ් සමීන් යන මහත්වරුන්ද සහභාගි විය.