SRILANKAN NEWS

උසස් පෙළ පිළිතුරු ඇගයීම සඳහා වැසෙන පාසල්

අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සැප්තැම්බර් 07 වැනි දින සිට 20 වැනි දින දක්වා පවැත්වෙන අතර එම කාලය තුළ සම්පූර්ණයෙන් පාසල් 5ක් වසා තැබෙන අතර පාසල් 22ක කොටසක් වසා තැබෙන බව විභාග දෙපාර්තුමෙන්තුව සඳහන් කරයි.

ඒ අනුව කොටසක් පමණක් වසා තබන පාසල් 22, තෙවැනි පාසල් වාරය ආරම්භ වන සැප්තැම්බර් 06 වැනිදා සාමාන්‍ය පරිදි ආරම්භ වන බවත්, සම්පූර්ණයෙන් වසා තබන පාසල් සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ වන බවද විභාග කොමසාරිස් ජනරල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කර තිබේ.

උසස් පෙළ පිළිතුරු ඇගයීම සඳහා සම්පූර්ණයෙන් වසා තබන පාසල්.

රාජකීය විද්‍යාලය – කොළඹ 07,
කිංස්වුඩ් විද්‍යාලය – මහනුවර,
විහාරමහාදේවී බාලිකා මහා විද්‍යාලය – මහනුවර,
ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය – මහනුවර,
සීතාදේවි බාලිකා විද්‍යාලය – මහනුවර

කොටසක් වසා තබන පාසල්

විශාඛා විද්‍යාලය – කොළඹ 05,
නාලන්දා විද්‍යාලය – කොළඹ 10,
වේලාපුර මහා විද්‍යාලය – කළුතර,
ශන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලය – මීගමුව,
බණ්ඩාරනායක විද්‍යාලය – ගම්පහ,
රත්නාවලී බාලිකා විද්‍යාලය – ගම්පහ,
ෆර්ගසන් උසස් විද්‍යාලය – රත්නපුර,
මලියදේව බාලිකා විද්‍යාලය – කුරුණෑගල,
මලියදේව විද්‍යාලය – කුරුණෑගල,
ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය – කෑගල්ල,
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය- අනුරාධපුරය,
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය – පොළොන්නරුව,
විද්‍යාලෝක විද්‍යාලය – ගාල්ල,
ශන්ත තෝමස් විද්‍යාලය – මාතර,
හාලිඇළ මහා විද්‍යාලය – හාලිඇළ,
ශාන්ත ජෝශප් විද්‍යාලය – බණ්ඩාරවෙල,
වෙස්ලි විද්‍යාලය -කල්මුණේ,
වින්සන්ට් උසස් බාලිකා මහා විද්‍යාලය – මඩකලපුව,
වවුනියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය – වවුනියාව,
මධ්‍ය මහා විද්‍යාලය – යාපනය