SRILANKAN NEWS

පසුගිය කාලය තුළ රටේ ගොවි ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලැබුණේ නැහැ – ජනපති

කෘෂිකාර්මික රටක් වුවද ගොවි ආර්ථිකය නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප‍්‍රමුඛත්වයක් හිමි නොවීම තුළින් රටේ ගොවි ජනතාවගේ ගැටළුවලට විසඳුම් හිමි නොවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (04) දින පෙරවරුවේ පැවැති මැදවච්චිය “බර්ටි ප්‍රේමලාල් දිසානායක” නව ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරා දීමේ උත්සවයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.

දුගී භාවය, අඩු ආදායම් තත්ත්වය, දෛනික ජීවිතයේ අවශ්‍යතා සපුරාගත නොහැකිවීම යන කරුණු මත මේ රටේ ගොවි ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා ඔවුන්ගේ ජීවන තත්ත්වය ගොඩනැගීමට මෙන්ම කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් රැසක් ලබාදීමට වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ව්‍යාපෘති රැසක් ආරම්භ කළා. නවීන තාක්ෂණය සමග නව පරපුරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම සකසා දීමට රජය කටයුතු කරමින් සිටින අතර, රටේ සහ සමාජයේ දියුණුවට අවශ්‍ය වන්නේ ස්වශක්තියෙන් ගොඩනැගෙන ජීවන රටාවක් සහ ආර්ථිකයක් මත සකස් කර ගන්නා සැළසුම් බව ද ජනාධිපතිවරයා පවසා සිටියේය.