වව්නියාවේ බස් රථයක් දුම්රියට ගැටී හයක් රෝහලට

කොළම සිට මන්නාරම බලා ධාවනය වන දුම්රියේ බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වව්නියාව මැණික් ෆාම් පළමු හරස් වීදිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව තිබේ. තුවාල ලැබූවන් සෙට්ටිකුලම් රෝහලට ඇතුලත් කර ඇති අතර, බස් රථ රියදුරුගේ තත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට යවා තිබේ. සිද්ධිය සම්බන්දයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top