රවි කරුණානායකට ධූරයෙන් ඉවත්වන්නැයි ජනපති හා අගමැතිගෙන් ඉල්ලීමක්

විදේශ අමාත්‍ය රවී කරුණානායකට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි වාර්තාවේ.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් රවි කරුණානායක මහතා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි බලපෑම් කරමින් සිටිති. මේ හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනපති හා අගමැතිවරයා ඉල්ලා ඇති බව පැවැසේ.

බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව චෝදනා එල්ල වී තිබියදී අමාත්‍යවරයා තවදුරටත් අමාත්‍ය තනතුරේ රැඳී සිටීම රජයට මෙන්ම අමාත්‍යවරයාට ද ගැටළුවක් වන බව පෙන්වාදී තිබේ. කෙසේ නමුත් එම ඉල්ලීමට අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මෙතෙක් සාධනීය පිළිතුරක් ලබාදී නැති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top