ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනපති කිව්වේ නැහැ – රවි කරුණානායක

විදේශ අමාත්‍ය රවී කරුණානායක තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. දැනුම් දී ඇතැයි පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ එවැනි කිසිම සාකච්ඡාවක් නොකෙරුණු බවයි. පුවත්පතක් ඊයේ (05) වාර්තාකර තිබුණේ අරලියගහ මන්දිරයේදී පැවති භෝජන සංග්‍රහයක දී මෙම දැනුම්දීම කර ඇති බවයි.

බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව චෝදනා එල්ල වී තිබියදී අමාත්‍යවරයා තවදුරටත් අමාත්‍ය තනතුරේ රැඳී සිටීම රජයට මෙන්ම අමාත්‍යවරයාට ද ගැටළුවක් වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බව සඳහන් වුණේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top