SRILANKAN NEWS

සහල් වලට උපරිම මිලක් ගැසට් කරයි..

සහල් සඳහා පනවා ඇති උපරිම මිල ගැසට් කිරීමට කටයුතු කර තිබේ. පසුගිය 04දා සිට බලපැවැත්වෙන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කර තිබේ.

ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 90කට ද, ආනයනික සම්බා කිලෝවක් සඳහා රුපියල් 80ක ද උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් සහ ආනයනික නාඩු 75 පමණ මිලක් ද නියම කර ඇති බව වාර්තා වේ.

තවද දේශීය කැකුළු සහල් කිලෝවක් රුපියල් 78ක් සහ ආනයනික කැකුළු සහල් කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට යටත් කර තිබේ.