SRILANKAN NEWS

ඉරණයිතිව් ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීමේ සත්‍යග්‍රහය, අදට දින 100යි

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) කිලිනොච්චිය ඉරණයිතිව් ජනතාව විසින් පවත්වාගෙන යන තම ඉඩම් නිදහස් කර ගැනීමේ සත්‍යග්‍රහයට අදට දින 100ක් අවසන්වී තිබේ. මැති ඇමැතිවරුන්, සහ නිළධාරින්ගේ පොරොන්දු, දින සීමාවන් හුදෙක් ප්‍රකාශයන් බවට පත්වී ඇත.

තම පාරම්පරික ඉඩම්වල නැවැත පදිංචි විය යුතු යැයි අවධාරණය කර අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළ ඉරණයිතිව් ජනතාව මේ සඳහා ඉරණයි මාතා ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයේදී විශේෂ පූජාවක්ද පවත්වා තිබුණි. අද වනතෙක් මුහුදු වෙරළදී පවත්වාගෙන ගිය මෙම සත්‍යග්‍රහය මින් ඉදිරියට අසල පිහිටි දේවස්ථානයේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඉදිරි දිනවල වර්ෂාව ආරම්භ වන හෙයින් මෙම තීරණය ගත් බව පවසති.

අපි සත්‍යග්‍රහය ආරම්භ කර අදට දින 100යි, මේ දින වකවානුවල තුළ දේශපාලකයන් විශාල පිරිසක් පැමිණියා, එහිදී ඔවුන් ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටුකරදී නැහැ. අප ප්‍රදේශය නියෝජනය කරන කාන්තා ඇමැතිවරිය ද පැමිණියා, තවත් සති දෙකකින් අපගේ ඉඩම්වලට යා හැකි බවත්, යහපාලන රජය ඒ සඳහා පියවර ගෙන තිබෙන බව ද පැවැසූ ඇය, පසුගිය රජයට ද චෝදා කරළා ගියා.

තවද ආරක්‍ෂ රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු දේශපාලකයන් බොහෝ දෙනෙකු පැමිණියා, ඔවුන් ද දින සීමාවක් ලබාදී පොරොන්දු පිට පොරොන්දු ලබාදුන්නා නමුත් මෙතෙක් කිසිඳු ක්‍රියාර්ගයක් දැකින්නට නොමැති බව එම ජනතාව පවසති.