පසුගිය මහ කන්නයේ වගා හානි වූ ගොවීන් හට ගෙවීමට එකඟ වූ රුපියල් 40,000ක වන්දිය ගෙවීමට ආණ්ඩුව මේ වන තෙක් අසමත්ව ඇති බැවින් එම ගණුදෙනු බේරාගැනීම සඳහා හෙට දින (09) කොළඹට පැමිණෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු, නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ගොවි ජනතාවට දුන් පොරොන්දු කඩ කර ඇති බවත් රුපියල් හතළිස්දහසක වන්දියෙන් මේ වන තෙක් ගෙවා ඇත්තේ රුපියල් එක්දහස් පන්සියයක්ද අඩු කර ගැනීමෙන් පසුව රුපියල් අටදහස් පන්සියයක (රු. 8500) වාරිකයක් පමණක් බවත් ය.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් අවස්ථා කිහිපයක දීම ඉල්ලීම් කළ නමුත් පලක් නොවූ බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය පිළිබඳව ගොවි ජනතාවගේ දැඩි විරෝධය ප්‍රකාශ වෙමින් තිබෙන බවත් නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් පැවසී ය.
ගොවි ජනතාව මුහුණ පා ඇති මෙම ගැටලුවට විසැඳුම් ලබා ගැනීම වෙනුවෙන් හෙට කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ගොවි ජනතාව සමඟ පැමිණීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින්ඇති බවත් සෑම දිස්ත්‍රික්කයකම ගොවි සංවිධාන නියෝජිතයන් මෙම කාර්යය වෙනුවෙන් සහභාගී කරවා ගන්නා බවත් නාමල් කරුණාරත්නමහතා වැඩිදුරටත් පැවසී ය.
Add Comment