උතුර නැගෙනහිරට ස්වයං තීරණ අයිතිය ලබාදීම ඊළාම් රාජ්‍යයක් සඳහා වූ ආරම්භයක් – දේශශිතෛෂි ජාතික ව්‍යාපාරය

උතුරට සහ නැගෙනහිරට ස්වයංතීරණ අයිතිය ලබාදිය යුතු බවට විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් කළ ප‍්‍රකාශය ඊළාම් රාජ්‍යයක් කරා යන ගමනේ ආරම්භක පියවරක් බව දේශශිතෛෂි ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරට සහ නැගෙනහිරට ස්වයංතීරණ අයිතිය ලබාදිමෙන් පසු ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ ඉතිරි කටයුතු ජාත්‍යන්තර මැදිහත්වීමෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉටුකරගනු ඇතැයි ඔහු පවසා තිබේ.

ඊළාම් අරමුණ වෙනුවෙන් සටන් කළ යුතු බවට ඔවුන්ගේ තමිලරසු පක්‍ෂයෙහි ව්‍යවස්ථාවෙම සඳහන් කර ඇති බවත්, විපක්‍ෂ නායකවරයා කර ඇති ප‍්‍රකාශය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටද පටහැනි බවත්, සම්බන්‍ධන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවද වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා තිබේ.

1 thought on “උතුර නැගෙනහිරට ස්වයං තීරණ අයිතිය ලබාදීම ඊළාම් රාජ්‍යයක් සඳහා වූ ආරම්භයක් – දේශශිතෛෂි ජාතික ව්‍යාපාරය”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top