මත්පෙති සහ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ඊයේ (8) දින ගංජා කිලෝග්රෑම් 20ක් හා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වූ තිස් හැවිරිදි මෙම සැකකරු මාළිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top