ඩෙංගු ව්‍යාප්තිය අඩු වුවත් මර්දන ක්‍රියාවලිය නොනවත්වා ක්‍රියාත්මක කරනවා

වියළි කාලගුණයත් සමඟ ඩෙංගු ව්‍යාප්තියෙහි අඩුවිමක් දක්නට ලැබුණ ද ඩෙංගු මදුරු මර්දනය නවතා නොදැමිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ අනෙක් මදුරුවන් මර්දනයට වඩා ඩෙංගු මඳුරුවන් මර්දනය කිරිම සංකීර්ණ ක්‍රියාවලියක් බවයි.

කොළඹ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක සමාරම්භක අවස්ථාවට සහභාගීවෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top