අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරුට දැඩි අවවාද මත ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණය අද (9) නියම කර තිබේ.

ඒ අනූව, රුපියල් 10,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ අතර ඔහුට කොළඹ මහාධිකරණය මගින් දැඩිව අවවාද කළේය. තවද සෑම මසකම අවසන් ඉරිදා දින මරදාන පොලීසියට වාර්තා කරන ලෙස ද අධිකරණය ඔහුට නියෝග කළ අතර, ඔහු විසින් ඇප කොන්දේසි කඩ කිරීමක් සිදුකළතොත්, ඇප අවලංගු කර වහාම රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද අධිකරණය දැනුම් දෙන ලදි.

මාලබේ සයිටම් ආයතනයට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වී එහි දේපලවලට හානි පැමිණුවේ යැයි චෝදනාව යටතේ ළහිරු වීරසේකර හා ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top