SRILANKAN NEWS

අගෝස්තු 16 වනදා සිට ශිෂ්‍යත්ව පන්ති තහනම්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල විහේෂ ගැසට් නිවේදනයට අනුව එළඹෙන අගෝස්තු මස 20 වන දින පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා වන සියළුම උපකාරක පන්ති,සම්මන්ත්‍රණ,විෂයානුබද්ධ දේශණ ,වැඩමුළු අගෝස්තු 16 වනදින මධ්‍යම රාත්‍රී 12 සිට සම්පූර්ණයෙන්ම තහනම්ය.

එලෙසම විභාගය සදහා අනුමාන ප්‍රශ්ණ ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම,ඒවා බෙදා හැරීම,විභාග ප්‍රශ්ණපත්‍රවල ප්‍රශ්ණ ලබාදෙන බවට හෝ ඒවාට සමාන ප්‍රශ්ණ ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ලගතබා ගැනීමද අගෝස්තු මස16 වනදින මධ්‍යම රාත්‍රීයෙන් පසු සම්පූර්ණයෙන්ම තහනම්ය.

යම්කිසි ආයතනයක් හෝ තැනැත්තෙකු මෙම නියෝග යම් ආකාරයකට කඩ කිරීමක් හෝ උල්ලංඝණය කිරීමක් සිදුවුහොත් ළගම පවතින පොලිස් ස්ථානය,පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත සදහන් දුරකථන අංක වලට පැමිණිලි කලහැකිය.

පොලිස් මූලස්ථානය – 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
ක්ෂණික ඇමතුම් අංකය ( වි.දෙ) – 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව – 0112784208 / 0112784537