ආදිවාසින්ගේ වගකීම ද අමාත්‍යංශයකට භාර දිය යුතුයි, – ඌරුවරිගේ වන්නිලඇත්තන්

ආදිවාසින්ගේ වගකීම ද අමාත්‍යංශයකට භාර දිය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසා තිබේ. මහියංගනය මොරබැද්දේදී පැවැති ආදිවාසි දින සැමරුම් උත්සවයේ දී හෙතෙම මේ බව පවසා තිබේ.

අමාත්‍යංශ රැසක් පැවතියද මෙරට ආදිවාසින්ගේ වගකීම භාර ගැනීමට කිසිදු අමාත්‍යංශයක් නොමැති බැවින් ආදිවාසින්ගේ වගකීම ද අමාත්‍යංශයකට භාර දිය යුතු බව හෙතෙම පවසා තිබේ.

ආදිවාසි දින සැමරුම් උත්සවය සඳහා වැය ශීර්ෂයක් පාර්ලිමේන්තුවෙන්ම අනුමත කර ගත යුතු බව වෙනත් රටවල මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා රජයට බලපෑම් කර සිය අයිතීන් දිනා ගැනීමට කටයුතු නොකරන බවද ඌරුවරිගේ වන්නිලඇත්තන් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top