උතුරේ ජනතාවගේ ප්‍රශ්ණය දකුණ නිසිලෙස අවබෝධ කරගෙන නැහැ!

උතුරේ ජනතාවගේ ප්‍රශ්ණය ගැන දකුණ නිසිලෙස අවබෝධ කරගෙන නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ (10) දින ආර්. සම්බන්‍ධන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ. මේ සම්බන්‍ධයෙන් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙන්නේ,

‘අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයෙහි වැදගත්කම ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් වෙත කරුණු පැහැදිළි කළා, අතුරුදන්වූවන්ට සිඳුවුයේ කුමක් දැයි ඔවුන්ගේ ඥාතීන් දිගින් දිගටම ප්‍රශ්ණ කරමින් සිටිනවා, රජය එයට නිසි පිළිතුරක් ලබාදී නැහැ, ජනතාවගේ ඉඩම්වල හමුදාව රැඳී සිටිනවා, හමුදාව එහිදී ගොවිතැන් කරනවා, ඉඩම්වල අයිතිකරුවන් මහ පාරේ සත්‍යග්‍රහ කරමින් සිටිනවා, ඉඩම් සුළු ප්‍රමාණයක් නිදහස් කර ඇති නමුත්, ජනතාව ඉල්ලා සිටින තම පාරම්පරික ඉඩම් නිදහස් කර නැහැ,

නව රජය යම්කිසි ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් එහි වේගය ඉතා අඩුයි, රටේ පවතින ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලබාදිය හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්ය, රටේ සියළු දෙනාම සමඟියෙන් ජීවත්විය හැකි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතුයි යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරයයි‘ බව සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

1 thought on “උතුරේ ජනතාවගේ ප්‍රශ්ණය දකුණ නිසිලෙස අවබෝධ කරගෙන නැහැ!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top