කිරි ගැනුම් මිල රු. 72ක දක්වා ඉහළ දැමීමට උතුරු පළාත් සභාව තීරණය කරයි..

දේශිය කිරි නිෂ්පාධනය දිරිමත් කිරීමේ අරමුණින් කිරි ගැනුම් මිල රුපියල් 72 දක්වා ඉහළ දැමීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇති බව සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා පැවැසීය.

උතුරු පළාත් සභා සැසිවාරය අද දින පැවැත්වුණි. එහිදී සභාපතිවරයා මේ බව පවසා සිටියේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

දේශිය කිරි නිෂ්පාධනය නඟා සිටුවීමේ අරමුණින් යාපනයේ කිරි ගැනුම් මිල රුපියල් 72ක දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. එහි විකුණුම් මිලයෙහි කිසිඳු වෙනසක් සිදුකර නැති බවද පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top