වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකු ස්ථාන මාරුලබාදී තිබේ.
පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කර තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 08 දෙනෙකු මෙලෙස ස්ථාන මාරුකර ඇති බව පැවැසේ.