SRILANKAN NEWS

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Parliament 01 - පාර්ලිමෙන්තුවඉදිරි මූල්‍ය වර්ෂය සඳහා වන කරුණු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද උදෑසන 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව සඳහන්ය.

රජයේ සියලුම අමාත්‍යංශ සඳහා සහ රාජ්‍ය ආයතනවල ප්‍රාග්ධන සහ පුනරාවර්ථන වියදම් ඇතුළත් ලියවිල්ල විසර්ජන පනත් කෙටුම්පත ලෙස මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා සිදුකෙරනු ඇත.

ඉන් අනතුරුව දෙසැම්බර් 10 වනදා දක්වා කාලය තුළ අයවැය දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය. ඉන් අනතුරුව දෙසැම්බර් මස 10 වනදා පස්වරුවේ අයවැය තුන්වන වර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

– Global Tamil News : Sinhala