ලබන සැප්තැම්බර් මස ජනපති මෛත්‍රී ඇමරිකාවට

ලබන සැප්තැම්බර් මාසයේ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අැමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිතර වීමට නියමිතව අැති බව වාර්තා වේ.

එළඹෙන සැප්තැම්බර් මස 12 වන දින අාරම්භ වීමට නියමිතව අැති එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අැමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව අැත.

මෙම සැසිය සැප්තැම්බර් මස 25 වන දින තෙක් පැවැත්වෙන අතර ජනාධිපතිධූරයට පත්වූ පසු මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවන 03 වන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙම සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ රටවල් රැසක නායකයන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top