SRILANKAN NEWS

කැළි කසළ ප්‍රශ්ණයට ස්ථීරසාර විසදුමක් ලබාදීම රජයේ අරමුණයි – ජනපති

රටේ කැළි කසළ ගැටලූව සදහා ලබන වසර වන විට ස්ථීරසාර විසදුමක් ලබාදීම රජයේ අරමුණ වන අතර ඒ සමග අනුගත වෙමින් මෙම දෙසැම්බර් මාසය වන විට දිවයිනේ පළාත් 09 තුළම කසළ කළමණාකරනය සදහා වූ නිසි වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවා අවසන් කළය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබද අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී තිබේ.

නගර සහ තදාසන්න ප‍්‍රදේශයන්හි කසළ බැහැර කිරීම, පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීම, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, කසළ කළමනාකරණයදී මුහුණ දෙන ගැටළු, ඇතුළු කරුණු රැසක් සම්බන්‍ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.