ඒකාබද්ධ මන්ත්‍රීවරුන් 7ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට?

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද (15) දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශාන්ත බණ්ඩාර මහතා මේ බව පවසා තිබේ.

ලබන සැප්තැම්බර 2වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙව් 66 වන සංවත්සර උත්සවයට පක්‍ෂය නියෝජනය කරන සියළු පාර්ලිමෙන්තු හා පළාත් මන්ත්‍රීවරුන්ට ආරාධනා කර සිටින බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top