රටේත්, ජනතාවගේත් හෙට දවස සුබවාදී කිරිම සඳහා යන ගමනේදී නින්දා හා අපහාස තමන්ට ගැටලූවක් නොවන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) දින පන්නිපිටිය, ශ්‍රීධර්ම විජයාලෝක මහා විහාරයට මියන්මාර් දේශයෙන් වැඩම කරවන ලද කිරිගරිඬ බුද්ධප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක් වෙමිනි.
එදා බුදුන් වහන්සේ ද නින්දා අපහාසවලට ලක්වූ අතර වාණිජ්‍යකරණයත් සමග අද පිරිහෙමින් පවතින සමාජය තුළ තමන්ට ද නින්දා අපහාස එල්ලවීම පිළිබද පුදුම නොවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
එමෙන්ම අසල්වාසී මහා භාරතයේ නිදහස් සටනට උරදුන් මහත්මා ගාන්ධිතුමන් මෙන්ම මෙරට පුරෝගාමී දේශපාලන නායකයෙකු වූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ද රටත්, ජනතාවත් වෙනුවෙන් සිය යුග මෙහෙවර ඉටු කරද්දී නින්දා අපහාසවලට ලක්වූ ආකාරය ජනාධිපතිතුමා සිහිපත් කළේය.
අද දවසේ නවීන තාක්ෂණය භාවිතා වන්නේ දැනුම ලබාගැනීමට, සමාජ සංවර්ධනයට හෝ යහපත් සමාජයක් ගොඩනැගීමට වඩා නින්දා අපහාස සිදු කිරීම වැනි අයහපත් තත්ත්වයන්ට බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා මෙම අයහපත් සමාජ තත්ත්වයෙන් තරුණ පරපුර ගලවා ගැනීම සදහා ඔවුන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැගිය යුතු බවද ප්‍රකාශ කළේය.
අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා එය මහජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා විවෘත කරනු ලැබීය.
මියන්මාරයේ යැංගොන් නුවර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද බදන්තා සද්ධම්මකීත්ථිසාර නාහිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක රුක්මලේ ශ්රීධර්මවිජයාලෝක මහා විහාරාධිපති සාහිත්‍යසූරි ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ ද බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසීය.
Add Comment