ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බංගලාදේශ නියෝජිත පිරිස නාවික හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බංගලාදේශ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත මේජර් ජෙනරාල් එස්එම් ෂෆියුඩ්දින් අහමඩ් මහතා ඇතුළු දුත පිරිසක් ඊයේ (15) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යයාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු ෂා අස්ලම් පාර්වස් මහතා ඇතුළු බංග්ලාදේශ යුද හමුදාවේ සාමාජිකයින් 12, බංග්ලාදේශ නාවික හමුදාවේ සාමාජිකයන් 02, බංග්ලාදේශ ගුවන් හමුදා සාමාජිකයෙකු සහ සිවිල් ආරක්ෂක පාඨමාලා සාමාජිකයින් 04 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගිවන ලදී. එහිදි අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය.

තවද, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top