ආනයනික සීනි බද්ද රුපියල් අටකින් ඉහළට, සීනි විකුණුම් මිලෙහි කිසිදු වෙනසක් නෑ

ලෝක වෙළෙඳපළේ සීනි වල මිල පහත බැස ඇති බැවින් එහි වාසිය දේශීය ගොවියාට ලබාදීම සඳහා ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (SCL) ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට රු. 8 කින් වැඩිකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට ලෝක වෙළෙඳපළේ සීනි කිලෝවක මිල රු. 10 කින් පමණ අඩුවී ඇති බැවින් මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 8 කින් වැඩි කළ ද, සීනි වල විකුණුම් මිලෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් රජයට දැනුම් දී ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති ජීවන වියදම් පිළිබඳ ඊයේ (15) පැවති කැබිනට් අනුකාරක කමිටුරැස්වීමේදී මෙම තීරණයට එළැඹුණු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top