ඉඩම් ප්‍රශ්ණයට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්විය යුතුයි – ආර්. සම්බන්‍ධන්

ඉඩම් ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්විය යුතු යැයි ඉල්ලා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා විසින් එක්සත් ජාතීන් සංවිධානයේ ලේකම්, මානව හිමිකම් කොමසාරිස් ඇතුළු විදේශ තානාපති කාර්‍යාලවලට හදිසි ලිපියක් යවා තිබේ.

එහිදී දෙමළ ජනතාවගේ ඉඩම්වල හමුදාව තවඳුරටත් රැඳී සිටීම සහජීවන කටයුතුවලට යහපත් සංඥාවක් නොවන බවත්, දෙමළ ජනතාවගේ ඉවසිලිමත් භාවය බිඳ වැටී ඇති හෙයින් මේ සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්විය යුතු යැයි ඉල්ලා තිබේ.

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් හමුදාව විසින් අත්පත්කරගෙන සිටින අතර, එම ජනතාව අඛණ්ඩව විරෝධතාවල නිරතව සිටින බවද පෙන්වාදී තිබේ.

මේ සම්බන්‍ධයෙන් සම්බන්‍ධන් මහතා විසින් මීට පෙරදී ජනාධිපති, ජනාධිපති ලේකම්, සහ ආරක්‍ෂක ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණු නමුත්, මෙතෙක් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් ඔහු ජාත්‍යන්තරයේ මැදිහත්වීමක් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top