රුපියල් ලක්ෂයක අල්ලස් මුදල් ලබා ගනිද්දී තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය. මාතර ප්‍රදේශයේ ඉඩමක සැලැස්මක් ප්‍රාදේශීය සභාවේ නිලධාරින් ලවා අනුමත කර දෙන බව පවසා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත.
මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සතු ඉඩමක සැලැස්මක් සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාදීම සඳහා සැකකරු විසින් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අඟුණුකොළපැළැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.