නැගෙනහිර විශ්ව විද්‍යාලය අද සිට තාවකාලිකව වැසෙයි..

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පවතින අසාමාන්‍ය තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය අද (17) තීරණය කර තිබේ. ඒ අනුව හෙට (18) සිකුරාදා දින දහවල් 12ට පෙර සිසුන් සියළු දෙනාම විශ්ව විද්‍යාලයෙන් පිටවිය යුතු බවත්, නේවාසිගාරව සිටින සිසුන් තම නේවාසිකාගාරවල යතුර පාලනාධිකාරිය වෙත භාරදිය යුතු බවද දැනුම් දී තිබේ.

සිසුන් කිහිප දෙනෙකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන ලෙස හා විශ්ව විද්‍යාලය තුළ සවිකර ඇති සී.සී.ටීවි කැමරා ඉවත් කරන ලෙසට බල කරමින් ඉකුත් සති කිහිපයක් තිස්සේ සිසුන් විසින් සිදු කරන ලද පන්ති වර්ජන, සත්‍යග‍්‍රහ සහ උද්ඝෝෂණ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top