සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

සහල් සඳහා මෙතෙක් පනවා තිබූ පාලන මිල ඉවත් කර ඇති බව ඊයේ(16) දිනයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයකින් සඳහන් කර තිබේ. ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව සහල්වල පාලන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද පැවැසේ.

ආනයනික සහ දේශීය සහල් සඳහා අගෝස්තු මස 04වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පාලන මිල පනවා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top