එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ රැස්වීම අද, විජයදාස ගැන තීන්දුවක්‌

එක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණාත්මක රැස්‌වීමක්‌ අද (17 දා) පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අද සවස 3.00 ට සිරිකොත පක්‌ෂ මූලස්‌ථානයේ දී පැවැත්වෙන මෙම රැස්‌වීමේදී ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක්‌ ගැනීමට නියමිතය.

මීට අමතරව ඉදිරි මැතිවරණය හා ඒවාට මුහුණ දීම සම්බන්ධවත් පක්‌ෂයේ ඉදිරි ගමන සම්බන්ධවත් තීන්දු තීරණ රැසක්‌ ගැනීමට නියමිත බවට වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top